Posts

කෙනකුට කොච්චර දුරකට උදවු කරනවද, කොච්චර කාලයක් උදවු කරනවද

Image
  මිනිසුන් වුනාම අපට විවිධ මට්ටමේ ප්‍රශ්න අභියෝග එනවනේ. ඒවට ගොඩක් වෙලාවට අපි, ලඟින් ඉන්න අයගෙන් උදව් හොයනවා. උදව් තියෙනවා නම් හරි වටිනවා. එහෙම උදව් ගනිද්දී අපි සැලකිලිමත් වෙන කරුණු කාරණා කීපයක් තියෙනවනේ. එහෙම එකක් තමයි කොච්චර දුරට උදව් ලබා ගන්නවද කොච්චර කාලයක් උදවු ලබා ගන්නවද කියන එක. උදවු කරන කෙනත් මේ දෙකම අනිත් පැත්තට හිතන්න ඕනේ. ඒ කියන්නේ කොච්චර දුරකට උදවු කරනවද, කොච්චර කාලයක් උදවු කරනවද කියන දේ... පෞද්ගලිකව මම දකින දේ තමයි අමාරු අවස්ථා වල සමීපතමයන්ගෙන් යම් තරමක් උදවු ලබා ගෙන හැකි ඉක්මනින් තමන්ගේ ශක්තිය භාවිතා කරලා ප්‍රශ්නයට මුහුණ දෙන්න අපි පුරුදු වෙන්න ඕනේ සහ අනිත් අයව දිරි ගන්වන්න ඕනේ උදවු භාවිත කරලා හැකි ඉක්මනින් ස්වාධීන වෙන්න, කියන එක. එකට ප්‍රධාන හේතු තමයි  - අපේ ප්‍රශ්නයේ වැදගත්කම වැඩියෙන්ම තියෙන්න ඕනේ අපට (නැත්නම් ප්‍රශ්නය ජය ගන්න ඕන කරන ජවය නැති වෙනවනේ) - අනිත් කෙනා මත රඳන එක එයාට කරන අසාධාරණයක් (එයාට වෙනම ජිවිතයක් තියෙනවා) - අනිත් කෙනාට  උදව් කරන්න බැරි වුන දවසක මොකද වෙන්නේ, අපිව කඩා වැටෙනවනේ ? හරි interesting දෙයක් තමයි අපේ මොලය මෙතැනදී වැඩ කරන හැටි (මට හිතෙන හැටියට). 1. අ

ජිවිතයේ හරිම කාලේ පටන් ගන්නේ කොතනින්ද ?

Image
  අපේ ජිවිත කාලේ දැන්  ගෙවන කාලේ තමයි අදාළ, පරණ ගත වුන කාලේ නිකන් expired; එහෙම නැත්නම් අතීතය විතරයි, අදාළ නැහැ වගේ හිතෙන ගතියක් තියෙනවා නේ. ඒක ටිකක් හිතල බැලුවම interesting තැනක්. ඇත්තටම එක එක පුද්ගලයාට ජිවිතයේ අදාළ කොටස වෙනස්. එහෙම නැත්න්ම මගේ ජීවිතය  වැඩි පුරාම නිරුපනය වෙන්නේ මේ කොටසින්ය කියල කියන්න පුළුවන් අවධිය වෙනස්. ටිකක් හරපයක් වගේ: තේරෙයි ද දන්නේ නැහැ. දැන් අපි පැහැදිලි කරන්න බලමුකෝ. මැරුණම දිව්‍යලෝකේ යන සංකල්පය.. අවුරුදු අසු පහෙන් නම් චුත වෙන්නේ අපි දිව්‍යලෝකේ ගිහින් ඉන්නේ ජිවිතයේ මොන segment එකෙන්ද ? ළමා කාලේද, තරුණ කාලේද, මැදි  වයසද,  මහලු වියද  ? අපි, අපිව අපි විදියට වඩාත්ම represent කරන වයස් කාණ්ඩය අපි තෝර  ගනියි. interesting කොටස මොකක්ද දන්නවද... මට හිතෙන විදියට ඔය අපේ typical කොටස තෝරා ගැනීමේ විවිධත්වයක් රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයට තියෙනවා, - ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් ගමු, මයිකල් ජෝර්ඩන් හරි  සනත් ජයසුරිය හරි වගේ: එයාල තමාගේ typical life  එක විදියට තෝර ගනීවි, එයාල එයාලගේ ක්‍රීඩා ජිවිතයේ ඉහලින්ම හිටිය තරුණ කාලය  - වියපත්  විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙක් තමන් ඒ මහාචාර්ය පද

ගැහැණු පිරිමි සිත් වයසට යන විදිය

Image
  ගැහැණිය සහ පිරිමියා වයසට යද්දී ටිකක් වෙනස් විදියට තමයි සිතේ ස්වභාවය වයසට යන්නේ කියල හිතෙන්නේ. හැමෝටම අදාළ නොවෙන්න පුළුවන්. සමහර අයට. හේතුව ටිකක් දුක හිතෙනව. ගැහැණිය ජීවිතය ගත කරද්දී සමහර දේවල් වෙනවා නිහඬවම දරා ගන්න වෙන , පිරිමියාට වඩා. පිරිමියාගේ කතාව ටිකක් වෙනස් නේ. ප්‍රශ්නයක් , අසාධාරණයක් වුනාම පිරිමියාට පුළුවන් ඒක ගැන කතා කරන්න , තමන්ගේ මතය හොඳින් හෝ නරකින් ප්‍රකාශ කරන්න. ගැහැණියට සමහර සමාජ ඒකක වල තවමත් එක අමාරුයි. ජිවිත අවුරුදු ගාන ගත වෙද්දී හිමින් හිමින් අපි හැමෝටම baggage එකක් /මල්ලක් එකතු වෙනවා: නොවිසඳුණු සිතේ ගැටුම්. එතකොට ජිවිත අවුරුදු ගෙවෙද්දී ගැහැණු අයට මේ වගේ baggage එකේ එකතු වෙන නොවිසඳුණු ගැටුම් ගාන , නිහඬව දරා ගන්න වුනු කලකිරීම් ගාන වැඩි වෙන්න පුළුවන්. පිරිමි වයසට යද්දී ටිකක් සැහැල්ලුවට පාඩුවේ ඉන්නත් ගැහැණිය ටිකක් අමනාපකම් , සිත් රිදීම් එක්ක වැඩිපුර ඉන්නවද කියල හිතෙනවා. ඉතින් මේ තිත්ත ගතිය/ Bitterness එක සමහර වෙලාවට වයසත් එක්ක මතු වෙනවද කියල හිතෙනවා. එහෙම වුනාම එයාලව ඒ පසුබිමත් එක්ක තේරුම් ගන්න එක ගොඩක් වටිනවා , එකට එක නොකර.  

අධ්‍යාපනයට විදේශ ගත වන දරුවන්

Image
කාලයක් තිස්සේ කියන්න හිටපු දෙයක් තියෙනවා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වන තරුණ තරුණියන් ගැන. එයාල ආශ්‍රයෙන් මම දැකපු දෙයක් ගැන. කියන්න හිතුවේ මේ ගොඩක් අයට මේ සසිද්ධිය දැන ගෙන ගියොත් යහපතක් වෙයි කියල හිතන නිසා.   කැනඩාවේ සිද්ධ වෙච්ච ඛේදවාචකයට අදාළ නැහැ. අදාලයිද කියල දන්නෙත් නැහැ. හැබැයි දැන් ලියනවා කියල හිතුනේ ඒ හින්ද වෙන්න පුළුවන්.. හැමෝටම ඇදලත් නැහැ. සුළු කොටසකට විතරයි අදාළ.   දැන් දැන් අධ්‍යාපනය සඳහා බටහිර රටවල් වලට අවුරුදු 17 ඉඳන්ම යනවා. විශේෂයෙන්ම ඇමරිකාව ඔස්ට්‍රේලියාව එංගලන්තය ප්‍රධාන කොට ගෙන සහ යුරෝපයේ අනිත් රටවලට , ඒ වගේම ජපානයට.   ශ්‍රී ලංකාව කියන system එකේ මුලින් හැදිලා එක පාරටම දෝයි කියල ඒ රටවල් වල system එකට අපේ තරුණ තරුණියෝ පත බෑ වෙනවා. මේ system දෙකේ වෙනස හරි විසාලයි. වැඩියෙන්ම සමාජ ව්‍යුහයේ සහ සමාජ සම්බන්ධතා වල.   පිටින් බොහොම මිත්‍රශීලී වගේ පෙනුනට ඇතුලෙන් ටිකක් තද සීතල (ඒ කියන්නේ හැඟීම්බර නොවෙන ) ගතියක් තියෙනවා. අපි වගේ ආසියාතික රටවල් වල හැඟීම් ප්‍රකාශනය දෝරේ ගලල තියෙනවා වුනාට ඒ රටවල් වල මිනිස්සු හැඟීමේ ලෙහෙසියෙන් පෙන්වන්නේත් නැහැ share කර

පසු ප්‍රසව විශාදය. - Post Partum Depression

Image
පසු ප්‍රසව විශාදය. හැමෝම ටිකක් හරි දැන ගෙන ඉන්නවා නම් වටිනවා. සමහර වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර වලට එන්නේ හොඳටම ප්‍රමාද වෙලා. නූල් බැඳල දෙහි කපලා වෙලාව බලලා අන්තිමට. දරු ප්‍රසූතියට පස්සේ දරුවා බලා ගැනීමත් එක්ක එන අධික තෙහෙට්ටුවට , නින්ද බාධා විම , ජානමය සාධක , අනිත් පරිසර සාධක එක්ක එකතු වෙලා බරපතල තත්වයකට පත් වෙන්න පුලුවන්. මූලික ලක්ෂණ විදියට . මට දරුව බලා ගන්න බැහැ , මට දැන් ඇති කියලා සිතීම . අධික කේන්තිය , විශේෂයෙන් සැමියා සමග . දරුවට කිරි මදි , කිරි බොනවා මදි කියලා බිය වීම. . දරුව බලා ගැනීමට බැරි බව සිතා තමන්ටම අවලාද නැගීම . සහ දිවි තොර කර ගැනීම දක්වා සිතිවිලි එන්න පුළුවන්. ඔයාලා දන්න කාට හරි තියනවා නම් ළඟම රජයේ රෝහලට එක්ක ගෙන එන්න , ප්‍රමාද වෙන්න ක‍ලින්.. තව ඉතා වැදගත් දෙයක්. පොඩි දරුවගෙ මොලයේ වර්ධනයට පලමු මාස කිහිපය ඉතාම වැදගත්. අම්මගෙ ස්පර්ශය , හඬ , සුවඳ , දැකීම මේ හැම දෙයක්ම පොඩි දරුවගෙ මොලයේ ස්නායු වැඩෙන්න ඕන කරන පොහොර. පසු ප්‍රසව විශාදය ඉක්මනින්ම හොඳ කර ගන්න ඕනේ , අම්ම ඒ දේ දරුවට දෙන්න නම්.. ........................ Dr Ferdinan Perera  Cons

ජිවිතයේ ලොකුම අභිරහස - ජිවිතයේ තේරුම මොකක්ද ?

Image
අපේ ජිවිත වල තේරුම මොකක්ද ? තේරුමක් තියෙනවද ඇත්තටම.. ? අපේ රස්සාවත් එක්ක කරන ගනුදෙනුවේදී නිතරම කතා කරන්න වෙන දෙයක්. නිතරම. මොකද මිනිස්සු එද්දී මේ ප්‍රශ්නේ අහනවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්නයට උත්තරයක් නැතිව හිර වෙලා ඉන්නවා. මේ ප්‍රශ්නේ එන්නේ එක එක අයට එක එක තැන වලදී. - සබඳතා ප්‍රශ්න , අධ්‍යාපනයේ ප්‍රශ්න , ආර්ථික ප්‍රශ්න වගේ. සම්බන්ධතා බිඳුනම තමා වැඩිපුරම මම දකින විදියට. සබඳතා බිඳෙන එකත් විවිධයි. - ප්‍රේම සම්බන්ධයක බිඳීමක් - විවාහ ජිවිතයේ විශ්වාසය දෙදරා යාමක් - දික්කසාදයක් - සමිපතමයෙක්ගේ මරණයක් - දරුවන් විදේශ ගත වීමක් - දරුවන් විවාහයෙන් වෙන් වීමක් මේ වගේ ගොඩක් ආකාර පුද්ගල ජීවිතයකට meaning එකක් හොයන එක ලේසි නැහැ. අපිත් පුළුවන් තරම් උත්සහ ගන්නවා එයාලගේ ජිවිතයට යාම අරමුණක් තේරුමක් එයාලත් එක්ක තේරුම් ගන්න/එකඟ වෙන්න. ඒක ටිකක් සංවේදී ටිකක් සංකීර්ණ කාරණාවක්. හේතුව මිනිස්සු නොයෙකුත් ආකල්ප බලාපොරොත්තු හැඟීම් පසුබිම් තියෙන අය. එතකොට අවශ්‍යතා සහ එයාල ජිවිතයේ තේරුම විදියට දකින දේ වෙනස්. ඇත්තටම ඒකට වෙනම මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයකුත් තියෙනවා Logotherapy

"Selfish Gene " සහ අප්පච්චි

"Selfish Gene " සහ අප්පච්චි   ................................................. ( හොඳම හරිය තියෙන්නේ අන්තිමට. ඒ හින්ද කෝම හරි අන්තිම වෙනකන් කියවන්න.) selfish Gene කියල කියන්නේ විශේෂ අදහසක් , හැබැයි ටිකක් හිතුවම ලෝකේ ගැන ටිකක් කැරකිලා යන අදහසක් දෙන දෙයක් . ඒකෙන් කියන්නේ මේ අපේ ශරීර/ ජිවිත , නිකම්ම නිකන් වාහනයක් විතරයි කියන එක. වාහනයේ කාර්ය   තමයි අපේ ජාන ටික ඉදිරි පරම්පරාවට යැවීම. ඒක සරල නැහැ. ඉදිරි පරම්පරාවට යවනවා කියන   එක ඇතුලේ තියෙනවා ඉදිරි පරම්පරාව බිහි කිරීම , පෝෂණය කිරීම , ආරක්ෂා කිරීම , එයාලට වැජබෙන්න පරිසරය හදල දීම ඔක්කොම. හැබැයි අපේ ජීවි ලෝකය දැක්කම මේ ඉදිරි පරම්පරාවට සිදු කරන කාර්ය භාරයේ යම් රටාවක්/අනුක්‍රමණයක්   දැක ගන්න පුළුවන්. ඒක හරිම interesting. ඒ interesting දේ තමයි   මොලයේ දියුණුවත් එක්ක අපි අපේ අනාගත පරම්පරාවට සිද්ධ කරන අනුග්‍රහයේ ස්වභාවය වෙනස් වෙනවා කියන දේ. දැන් අපි බලමු. සරලම මොලයක් තියෙන මාළු , ගෙම්බෝ වගේ සත්තුන්ගේ බහුතරයක්   බිත්තර දාල පටවුන්ව ඔහේ හැදෙන්න අරිනවා. බිත්තර දාන්න සුදුසු තැනක් විතරයි එයාල බලන්නේ. ඊට ටිකක් දියුණු කිඹුලා වගේ